Saturday, March 9, 2013

ජීවිත කතාව 10



මගේ ජීවිත කතාව 9 බැලුවෙ නැත්නම් මෙතනින් යන්න 09


සමා වෙයල්ලා..........කාලෙකින් මේ පැත්තෙ එන්න වුනේ නෑ............අම්බානෙකට බිසී වුනා බං.........මගේ මූණු පොතේ ඉන්න එවුන්ට නම් ඒ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ.............උඹලට කියන්න පහුගිය සති දෙක තුන සම්පූර්ණයෙම කැප කරා ක්‍රිකට් ක්‍රීඩාවට...........දැන් උඹල බලයි මාලිංගයව කපල මාව අරගෙනද  කියලා....නෑ නෑ බොලව් එහෙම නෙමේ..........මන් ඉන්න අරාබි රටේ අවුරුද්දකට සැරයක් පවත්වන ප්‍රධාන පෙළේ තරඟාවලි දෙකකට සහභාගි වුනා........පොඩ්ඩක් එහෙන් මෙහෙන් පැනලා බෝලයක් දෙකක් අල්ලලා පොඩි පදක්කම් පොඩ්ඩක් ගත්තා.....මටත් වඩා අපේ හාමිනේ ඉන්නෙ ආඩම්බරෙන්.....එහෙම වෙන්න එපායැ......උන්ද මගේ මේ විගඩම් දරාගෙන ඉදලා ඒවයෙ ප්‍රථිපල දැක්කම........

හරි හරි වැල් වටාරම් ඕනෙ නෑනෙ...........ඔන්න අහගනිල්ලා කතාව......

*********************************************************************************

ඔන්න ඉතින් පුංචි පැංචියෝ අතරෙ මන් මගේ පැංචිව හොයනවා........මේ ඉන්නෙ මලක් වගේ........

හිතේ සතුට වැඩි කමට ඒ වෙලාවෙ මොකද්ද මං කරේ කියල දැන් නම් මතක නෑ බොලව්...........හැබැයි ඉතින් දුක් සීන් එක...මං වැටුනෙ "C" පන්තියට...ඒකි වැටුනෙ "A" පන්තියට (මට මතක විදියට )


ඔන්න අලුත් ඉස්කෝලෙ අලුත් වාරෙ පටන් ගත්තා කියමුකො.....ඒ කියන්නෙ අපි 6 වසරෙ.......හැබයි මොනව නැතිවුනත් අධ්‍යාපනේ අත ඇරියෙ නෑ.....හැම වාර විභාගයකදීම පන්තියේ 4 වැනි ස්ථානෙන් පහලට ගියෙ නෑ............ඔය අතරෙ තමයි මට තේරුනේමගේ කෙල්ලට තවත් එවුන් ලයින් දානවා කියල......මොනා කරන්නද...බබා අහිංසක ඩයල් එකනෙ....බබාගෙ දුක කියන්න කවුරුත් නෑ...මොකො අම්මට කියන්නද.........යාලුවන්ට කියන්නද.......උන් දන්න බොක්කෙ ලව්.............

ලයින් දාන එවුන් එක්ක හැප්පෙන්න බබාට පුලුවන් කමක් නෑ.......හැබයි ලොකු ඉස්කෝලෙට (9 වසර ) ගියාට පස්සෙ මං උන් ඔක්කොගෙන්ම ගේම ඉල්ලුවා....මොකද 9 වසරෙ ඉඳන් ඉස්කෝලෙන් අවුට් වෙනකන්ම මන් තරම් කේන්ති යන කොල්ලෙක් මුලු ඉස්කෝලෙටම හිටියෙ නෑ........ලයිෆ් එකේ ඒ වෙනස් වීම් ගැන ඉස්සරහට කියන්නම්...........



ඔය අතරෙ තමයි අපෙ අම්ම මාව ටියුශන් ක්ලාස් එකකට දැම්මෙ....."ආරම්භක විද්‍යාව" තමයි විශය..........අපි කවුරුත් අදටත් ආදරය කරන "ප්‍රනාන්දු සර්" තමයි පන්තිය කරේ.........හරිම ආශාවෙන් ගියපු පන්තියක් ........හේතු දේකක් උඩ.........

1. අහවලාත් ඒ පන්තියට පැමිණීම...
2. සර්ගේ ඉගැන්වීමේ කලාව...


අඩුම ගානෙ මූණ දිහා බලාගෙන ඉන්න හරි පුලුවන්නෙ....ඔන්න ඔහොමයි බබා ලද දෙයින් සතුටු වෙන්න ඉගෙන ගත්තෙ......
මං ඉතින් බෙල්ල කැඩෙනකන් බලන් හිටියත් ඒකි නෙමෙ ඇහැක් ඇරලා බලන්නෙ...ඒකිට හිටිය යාලුවො සෙට් එකක්.....උන් මේ ගැන දැනගෙන හිටියා මං හිතන්නෙ.......ඒ වුනාට නෝ සපෝට්.....

ඔය අතරෙ අපේ පියාණන් ලංකාවට ආව කියමුකො......


බබාට හෙන හැපී.........ලෝකෙ තියෙන ඉස්තරම්ම චොකලට්...ටොෆී...විවිධාකර සෙල්ලම් බඩු.............පිස්සු වගේ...........තාත්තා මට බයිසිකලේකුත් ගෙනල්ල.......

ඔන්න ඔය තෑගි භෝග අතරෙ ටික දවසක් ගෙවෙන කොට ආයෙමත් කෙල්ල මතක් වෙන්න ගත්තා.......දැන් මොකද කරන්නෙ........

හිතේ තියෙන ප්‍රේම කතා කියාගන්න බැරි නම් කොලේක හරි ලියනව කියල හිතා ගෙන ගත්තා සුදුම සුදු කොලයක්........ගත්තා තාත්තා ගෙනාපු පාට පාට පෑන් ටිකක්...........මටම කියල මං වෙන් කරගෙන හිටපු ලියන මේසෙ උඩ තියා ගෙන මං අමුතුම නිර්මාණයක් කරා...............ඒ නිර්මාණයේ ඔරිජිනල් පිටපත මං ගාව නැති වුනත් ඒක ටිකක් මෙන්න මේ වගේ......



බබාගේ කරුමෙ කියන්නෙ...හතුරෙකුටවත් වෙන්න එපා ඒ වගේ නෝන්ඩි සීන් එකක්............වැඩේ ඉවර වෙනකොටම අම්ම කඩා පාත් වුනානෙ මේසෙ ගාවට......උන්දා හිතල තියෙන්නෙ අනේ අහිංසක බබා මහ දවාලෙත් පාඩම් කරනව කියල..........පැනමු ගමන් මං හංග ගත්තා කොලේ........අපෙ අම්මත් එකක ඒවා බොරු................උදුර ගත්තෙ නැද්ද මගේ අහිංසක ප්‍රේම සිතුවිල්ල...............මන් කෙලින්ම දිවුවෙ කාමරේට........වෙච්ච සීන් එක පට්ට නෝන්ඩියි.......දැන් නම් අම්මට මූණ දෙන්නත් බෑ............


කොහෙන් ආපු අදහසක්ද මන්දා.......බබා තීරණය කරා ගෙදරින් යන්න...........ඇයි යකෝ බැණුම් කෝටියක් එක්ක..අනිත් එවුන්ගෙ නෝන්ඩි වලට කිච වෙවී රෙද්දක් ඇඳන් ගෙදරක ඉන්න පුලුවන්ද??

දා ගත්තා ශොපින් මල්ලකට කලිසමකුයි ශර්ට් එකකුයි......හොරෙනම් ගැරෙග් එකේ දොරෙන් බැස්ස එලියට............

එලියට බැස්සට යන්න තැනක් නෑ............දන්න එක තැන ආච්චි අම්මගෙ ගෙදර.........ඕන් කරා ජී.පී.එස්. එක.....හැරුනා ඒ පැත්තට............

ඔන්න බබා අභිනිශ්ක්‍රමණය කරා....සිදුහත් කුමාරයට වගේ කන්ථක අශ්වයො..චන්න ඇමතිලා හිටියෙ නැතත්......බබා සැලුනෙ නෑ.....


ඔන්න බබා පාර අයිනෙන් බොහොම දුක් මූඩ් එකෙන් තමන්ට වෙච්ච විළිලැජ්ජාවෙන් බේරෙන්න ගිහි ගෙය අතඇරලා යනවා කියමුකෝ......

ගමනේ බාගයක්ම ඉවරවුනාට පස්සෙ අපේ පිය රජ්ජුරුවෝ ආවෙ නැද්ද එතුමාගෙ දඬු මොණරෙ නැගල.....

"නගිනවා බයික් එකට"...........දැම්ම නේද සද්දයක්.........
බබා සැලෙයි ඒවට.........හ්ම්...බබා අහක බලාගෙන තමන්ගෙ ගමන් යනවා...
"නගිනවද නැද්ද......නැත්නම් ඉස්සරහ ඉන්න පොලීසියෙ අංකල්ට කියනවා....."
හුටා මේ මොකද්ද වෙන්නෙ යන්නෙ...........
කොහොම වුනත් රටේ පොලීසියට ගරු කරන්න ඕනනෙ....අන්න ඒ ගැන හිතලා බබා බයික් එකට නැග්ගා.......උඹල වැරදියට හිතන්න එපා හොඳේ.......




බබා පොලීසියේ අංකල්ට බයේ නෙමේ.......බබා නීතිගරුක පුරවැසියෙක් විදියට පොලීසි යාමට ඇති අකැමැත්ත නිසා...හරිනේ........

ඔන්න ඔහොමයි බබාගෙ අභිනිශ්ක්‍රමණය කඩාකප්පල් වුනේ..පවු නේද........



පසු වදන.........

අපේ හාමිනේගේ අදහස අනුව නම් මගේ ජීවිත කතාව යනු 75% පමණම මාගේ කුළුඳුල් නිකැළැල් ප්‍රේම චාරිකාය...........ඒවා ගැන ලියන්නට ගියොත් මගේ ජීවිත කතාව ලිවීමට මාගේ ජීවිත කාලය මදි වන්නේය..........
නමුත් මොබයිල් ෆෝන් නැති...ස්කයිප් නැති......ඇස් වලින් පමනක් අදහස් හුවමාරු වූ...........ඇඩ්වාන්ස් ලව් එකක් නම් දවස් ගානක් නිදි මරා ලියූ පෙම් පතකට සීමා වූ ඒ අත්දැකීම් හරි සුන්දරය.........මාගේ අදහස නම් එවන් වූ සුන්දර කාල පරිච්ඡේද අපේ පොඩි එවුන්ට හීනයකි.........එම නිසා ඒව ගැන ලියා තිබීම උන්ට කරන සාධාරණයකි.........මං හිතන්නේ බබී මේකට එකඟ වේවි කියාය...එකඟ නොවන්නේනම් අද රෑට බත් නැත............බඩු ශුවර්මය........










1 comment:

  1. පසු වදනට නම් මං මාර ලයික්.... ඇස් වලින් කතා කරන කාලේ.... හපොයි.... හි හි....

    ම‌ගේ ලව් නම් ( ඒකපාර්ශවීය) මටත් මතක නෑ දැං.. ඒ තරම් ගොඩක් තිබ්බා... හි හි

    ෂිකේයියා.. අරකේ නමත් තිබ්බද... මටත් ඔහොම වැඩක් උනා.. මේක දැක්කම මතක් උනේ...

    5දි ඒ ඉස්කෝලෙන් අයින් වෙලා වෙන එකකට ගියා මං.. මගේ යාලුවා... ඒකි හරි පුංචියි... මං උස නිසා හරියට එයාගේ බොඩි ගාඩ් ව‌ෙග් හිටියේ මං... බස් එකට එනකම් එයාගේ බෑග් එකයි මගේ බෑග් එකයි දෙකම අරන් එන්නේ මම.. එයා වතුර බෝතල් දෙකම අරන් එනවා ... හි හි..

    කොහෙමින් කොහොම හරි ටික දවසකින් එයා අපේ ගෙදරට ලියුමක් එවලා තිබ්බා... මාත් එකක් ඇරියා.. ඇරියේ ඉස්කෝලේ හිටිය ම‌ෙග් ලවු එක ගැන එහෙම අහලා... මේකි රිප්ලයි එකක් එවලා තිබ්බා.. වැඩේ කියන්නේ මං කියෙව්වට පස්සේ අම්මත් ලිවුම අරං කියෙව්වනේ... හයියෝ.... කියවලා අහනවා කවුරැ ගැනද මේ කියලා තියෙන්නේ කියාල... මට දුවන්න පාරවල් පෙනුන් නෑ ඒ වෙලාවේ... හි හි

    ReplyDelete