Thursday, March 28, 2013

ජීවිත කතාව 11


ජීවිත කතාව 10 මෙතැනින් බලන්න 10



පහුගිය දවස් ටිකේ මහ රජාගේ  වැඩ කිඩ බල බල ඉඳල තව පොඩ්ඩෙන් මේ වැඩෙත් අමතක වෙනවා......ඒ අස්සෙ අර පර දෙමළු අපේ අහිංසක හාමුදුරුවරුන්ට ගහන්න අරගෙන..........අපි ඉතින් තාම අවිහිංසාවාදය ඔලුව උඩ තියාගෙන හෙට අනිද්දට අපේ බෙල්ල කපන් ගියත් කමක් නෑ කියල උපේක්ශාවෙන් බලන් ඉන්නවා.............
මං බබෙක් වෙලත් මට තේරෙන ටික මේ මහ එවුන්ට තේරෙන්නෙ නති එකනෙ වැඩේ..........

මේ දවස් වල අම්බානෙකට රසික ප්‍රතිචාර.......මට පොත් ලියන්නලු.........කතාව ලියන්න පරක්කු වෙන්නෙ මොකද අහනවලු.....නියම ගත් කතුවරයෙක්ලු.............පිස්සු හැදෙනවා..............ප්‍රතිචාර දීපු ඔක්කොටොම ස්තූතියි .
ඔය හම්බ වෙච්ච වෙලාවක මගෙ බුල්ටො මල්ලෙන් එක ගානෙ දෙන්නම්....එතකන් උඹලගෙ සල්ලි වලින් බුල්ටො කාපල්ල....

හරි දෙවරක් හතරවරක් චක්කර ඕනෙ නෑ.............බහිමු කතාවට....
*********************************************************************************
ඔන්න බබා අභිනිශ්ක්‍රමනය කඩාකප්පල් වෙලා...පට්ට නෝන්ඩි වීමක් වෙලා...පජාත වෙලා කුජීත වෙලා ඉන්න වෙලාව.............අම්ම තාත්තගෙ මූණ බලන්නෙ කොහොමද..........එහෙම වුනා කියල කොහේ යන්නද..........ගෙදර එවුන් මං දිහා බලන්නෙ සත්තු වත්තෙ ඉන්න වදුරු පැටියෙක් දිහා බලන් ඉන්නවා වගේ.....මාත් ඉන්නවා කඩල පැකට් එක අතේ තියන් ගල් බාගෙ නැතිව ඉන්න අහිංසක බේබද්දෙක් වගේ.............


ඒ දවස් ටිකේ වැඩි හරියක් ගෙවුනෙ කස්සලගෙ ගෙදර...........ඌ මේ සීන් දන්නෙ නෑ............කියන්නවත් පුලුවන් දෙයක්යැයි සිද්ධ වුනේ......ඔය අතරෙ වරද්දන්නෙ නැතිව ඉස්කෝලෙත් ගියා............මොනව වුනත් බලා සැනසෙන්න හරි පුලුවන්නෙ..........
ඔය අතරෙ ඉස්කෝලෙ භක්ති ගීත කණ්ඩායටත් බැඳුනා කියමුකො..........මොකද්දෝ දිනයක් නිසා තිබුනු නාට්‍යකත් රඟ පෑවා..........අඩෝ මෙහෙම හිටියට නලුවෙක් හරිද............

ඔන්න ඔහොම කාලය ගෙවිලා කියා කියමුකො........ඔය අතරෙ පොඩි පොඩි සිද්ධි වුනා.........ලියන්න තරම් වැදගත් දේවල් නෙමේ...........ඔය අතරෙ පොඩි පොඩි ඇම්ඩන් වැඩ කරල ගුටි කාලත් තියෙනවා............මගේ ජීවිත කතාවෙ  හය වසර අට වසර කාල පරාසය තුල අපේ ඉස්කෝලෙ ඇතුලෙ මට හමු වුනු අපූරු චරිත ටිකක් හිටියා......ඒ අය ගැනත් කියන්නම්කො...........


වික්‍රමසිංහ සර්..........අපේ ගණිත ගුරුවරයා............

මේ මනුස්සයා ගැන දන්න මෙයාගෙන් ඉගෙන ගත්ත ඕන ළමයෙක් මේ සර්ගෙ නම ඇහෙනකොටත් බය වෙනව........එච්චරට සැරයි............ඉගැන්වීම නම් අති විශිෂ්ඨයි...............
අපේ මේ ගුරුතුමාට තිබුනා හරි ලස්සන පුරුදු ටිකක්.......
ළමයි නැගිට්ටවලා ප්‍රශ්න අහන එක...........බෝඩ් එකේ ගණන් හදවන එක............


ඒ ඔක්කොම හරි කියමුකො...........ළමයෙකුට ගාණක් හදාගන්න බැරි වුනාම මේ මනුස්සය ඒ ළමයගෙන් පොඩි අහිංසක සතුටක් ගන්නවා ....කොහොමද දන්නවද.........ඩස්ටර් එකෙන් කම්මුල් පාට කරනවා.......චෝක් කෑල්ලෙන් මූණෙ අඳිනවා..........කොල්ලෙක් නම් බුරියෙන් අල්ලලා මිරිකනවා............එතකොට නම් දවල් තරු එකසිය ගානට පේනවා.....
බොරු ඕනෙ නෑනෙ ...මටත් ඉතින් සතියකට දෙපාරක්වත් දවල් තරු පෙනිලා තියෙනවා......


දෙවෙනියා තමයි සරත් සර්.......මතක විදියට විද්‍යාව තමයි කරේ....
6 වසරෙ අංශ භාර වුනේ පොර තමයි..............අම්මෝ බුල් ඩෝග් කෙනෙක් වගේ තමයි........මල් කැකුල..
බැලුවොත් කාට හරි බනිනවා...නැත්නම් කොල්ලෙක්ට අල්ලන් තඩි බානවා..........
මෙන්න මෙහෙමයි මන් සරත් සර්ගෙ ඉලක්කයක් බවට පත් වුනේ.........

ඔන්න එදා අපිට ඕෆ් පීරියඩ් එකක්..........ෆුල් ආතල් එකේ අන්තිම පේළියට වෙලා සින්දුවක් කියා ගෙන හිටියෙ........කරුමෙක මහත කියන්නෙ අල්ලපු පන්තියෙත් මිස් එන්න පරක්කුයි.............උන්ගෙ සමහරු අපේ පන්තියේ...අපේ සමහරු උන්ගෙ පන්තියේ............අපේ පන්තියේ ඉන්න කෙල්ලන්ට පැණි පෙරන එවුන් උලුවස්සෙ එල්ලිලා කෙල පෙරනවා...........වැඩක් නෑ කියලා ආතල් ලෝකයයි.....


ඔන්න ඔය අතරෙ එහා පන්තියෙ එකෙක් මගෙන් ගේම ඉල්ලලා උන්ගෙ පන්තියට දිවුවා.......මමත් අන්තිම පේලියෙ ඩෙස් පුටු තරණය කරගෙන එලෙව්වෙ නැද්ද ඌ පස්සෙ........අපේ එවුන්ට ගානක් නෑ...මොකද ඔය වගේ දේවල් නිතරම සිද්ධ වෙච්ච දේවල් නිසා............මමත් දැන් එහා පන්තියේ උලුවස්ස ගාවට ගිහිල්ල ගේම ඉල්ලනව......ඇතුලට ගියේ නෑ හොඳේ..........නෑ නෑ බයට නෙමේ...............ඌටත් ගෞරවයක් තියෙන්න ඕන නිසා.......

මමත් දැන් එකසිය ගානට ගේම ඉල්ලනවා........ඌත් මගෙන් ගේම ඉල්ලනවා.....හැබයි දෙන්නම පෙනෙන නොපෙනෙන දුරක ඉදන්........ඔන්න පින්වතුනි වලිය කතා බහකට විතරක් සීමා වෙමින් යන අතරෙ මගේ පිටි පස්සෙන් එකෙක් ඇවිත් මගේ අති අදිනවා.............

අත ගසලා දාලා අරූගෙන් ගේම ඉල්ලන්න හදන කොට අරූ ආයෙ අතින් අදිනවා.........


කාටද ඉවසන්න පුලුවන්......වලියක් දා ගත්තත් ඒකටත් හෙනහුරෙක් ඉන්නවා.......අරූට ගහන්න කලින් මූට වැඩේ දෙන්න කියල පහල කර ගත්ත ඒ යහපත් සිතිවිල්ලත් එක්ක මං හැරුනෙ පිටිපස්සෙ හිටපු එකාට මූන පුරවලා දෙන්න..........

වනේ වන හතුරෙකුටත් වෙන්න එපා බං..............අපේ සරා ගොයියනේ අතින් ඇදලා තියෙන්නෙ........

මට ඉතින් තුණ් සරණේ කවි සිහි වෙන්න ගත්තා.......තව ස්වල්ප වේලවකින් සිද්ධ වෙන්න යන දේ ගැන මතක් වෙලා මුත්‍ර බොක්ක පැලෙන්න වගේ වුනා.................ඔන්න ඔය වගේ දහසක් මනෝ විකාර එක තත්පරයක් ඇතුලෙ පෙනී නොපෙනී යන වෙලාවක .............................................
ඔහුගේ හැඩි දැඩි හස්තය මාගේ සියුමැලි කම්මුල මත පතිත වුනා........ඕයි........ඇඬෙනවා තනි ඇහැට............

අන්න එහෙම  මාගේ සියුමැලි කම්මුල් හරහා දැවන්ත හයේ පහරවල් දෙකක් එල්ල කරපු අපේ සරා ගොයියා මගේ කන් කෙටියෙන් ඇදගෙන මාව පන්තිය ඇතුලට අරන් ගියා ඕයි.................


දැන් ඉතින් මුලු පන්තියම ෆුල් සයිලන්ස්.........සරා ගොයියා මගේ කන් කෙටියෙන් අල්ලගෙන පන්තිය ඉස්සරහ..........."කවුද පන්ති නායකයා".....සරා ගොයියගෙ බුල් ඩෝග් වොයිස් එක නිසා බිත්ති පවා දෙදරන්න ගත්තා.......
මේ යකාටත් ඕනෙ නැති දෙයක් නෑනෙ...............
ඇයි හත්තිලව්වේ මං නේද නායකයා...........අපේ ඉස්කෝලෙ ඒ කාලෙ මාසෙන් මාසෙ නායකයව මාරු කරනව..............ඔන්න බලාපන් මගේ කරුමේ...........
එකෙක් හ්ම් සද්දයක් නෑ.......ඇයි ඉතින් කටක් අරල කියන්නෙ කොහොමද සර් ඔය කන් කෙටියෙන් අල්ලන් ඉන්නෙ පන්ති නායකයම තමයි කියල.........



මෙන්න සරා ගොයියා වොයිස් එක ඩබල් කරලා ආයෙත් අහනවා...........කට්ටිය හොල්මනක් දැක්ක වගේ මගේ දිහා බලන් ඉන්නවා..............මං කොච්චර බය වුනාද කියනවනම්..........මගෙ කටින් හීනියට පිට වුනා..........."සර් මං".........

දෙන දෙයියො උඩ පැන පැන දෙනවලු..............මෙන්න ගොයියා ආයෙ ඇරියෙ නැද්ද දැවැන්ත හයේ පාරවල් දෙකක්..පිට මැද්දට..............

මගෙ අම්මෝ මතක් වෙනකොටත් පිට නිකන් මොකද්ද වෙනවා.........



"වාඩි වෙයන් පරය....තෝ ආයෙ එහෙම අහුවෙන්න එපා මට....." කියල මධුර ස්වරයෙන් මාව ඇමතුව සරා ගොයියා යන්න ගියා....එදා ඉඳල මිනිහව දැක්කත් මං මගහැරල යනවා..........ඇයි බං කාටද පුලුවන් අර වගේ හයේ පාරවල් කන්න.......


තුන් වෙනිය තමයි සූ සූ කිත්තා.......ඇත්ත නම කිත්සිරි........ඉගැන්නුවෙ සුද්දගෙ භාෂාව..............මෑන්ස්ට සූ සූ කියනව ඇහුනොත් නාලාගිරි රා බිවුවා වගේ තමයි.....

මිනිහට එහෙම වෙන්නෙ ඇයි කියලා නිධාන කතා ගොඩාක් තිබුනා ... ඒත් ඒවයෙ ඇත්ත නැත්ත අපි දන්නෙ නෑ...අපි දන්නෙ පොඩි කරාටෙ සෝ එකක් බලන්න ඕනෙ නම් මිනිහ යනකොට  සූ සූ පාරක් දාන්න විතරයි........ලඟ ඉන්න එකාට බඩුම තමයි එතකොට..............

දවසක් හොඳ වැඩක් වුනා.........මං කලිනුත් කිව්වනෙ අපෙ පන්ති නායකයො මාසෙන් මාසෙ මාරු වෙනව කියල.......ඔන්න ඔය කාලෙ පන්ති නායකයා හිටියෙ අපි කාගෙත් හිත හොඳ දිනාගත් ජම්බෝලෙ වගේ මහත සුදු කොල්ලෙක්........මූ ඉතින් පන්ති නායක කමේ වගකීම කරට අරගෙන ඒ තනතුරේ ගෞරවය උපරිම මට්ටමේ රැක ගන්න ඕන කියන පරම පිවිතුරු චේතනාවෙන් වැඩ කරපු කොලු නලුවෙක්.........
ඉතින් එදා අපේ පන්තියේ අදාල විශය භාර මිස් ඇවිල්ල නෑ..........අපිට ඉතින් රජ මගුල්...........සින්දු කියනවා......කෙල්ලන්ට කොල ගුලි ගහනවා.......විකාර ලෝකයයි...........අපේ නායක නලුවා ෆුල් ට්‍රයි එකක් දෙනවා පන්තිය කූල් ඩවුන් කර ගන්න............ඔන්න මොකද්දෝ සිද්දියකට අපි එකෙක්ව අල්ලගෙන කිච කරනවා උපරිමෙන්ම...පොඩි හූවකුත් ගියා ඒ කිච කරපු එකාට උපහාර පිණිස.........


ඉතින් අපේ නායක තුමා පන්තිය නිශ්ශබ්ද කරන්න හිතාගෙන බොහොම සද්දෙට සූ සූ පාරක් දැම්මා.........අනේ කරුමෙක මහත.............මෙන්න මේ වෙලාවෙ අපේ කිත්තා වෙන පන්තියකට යන්න කියල හිතාගෙන අපේ පිස්සන් කොටුව ගාවින් සක්මන්
කරලා නොවැ..............

සූ සූ සද්දෙට මීටර් අවුට් වෙච්ච කිත්තා කඩන් පැන්නෙ නැද්ද.......අපේ පිස්සන් කොටුව ඇතුලට...........පැනමු ගමන් අල්ල ගත්තා අපේ නායක නලුවගෙ බෙල්ලෙන්ම..........දීගෙන දීගෙන ගියා............අතින් පයින් ...වැඩ කෝටියයි...මට කියන්න අමතක වුනානෙ..........අපේ කිත්තා බ්ලැක් බෙල්ට් කාරයා...

මූ කොල්ලන්ට ගහන්නෙ කරාටේ මැච් එකක් හිතින් මවා ගෙන.... 

කොහොම හරි පැය භාගයක් විතර ගහපු බුවා අපේ කොල්ලව ඇදගෙන ගියා ප්‍රින්සිපල්කාරය ගාවට.....වැඩේ එච්චර දුර දිග ගියේ නෑ....මොකද අපේ කොල්ලත් ගමේ ටිකක් වැදගත් ෆැමිලි එකක නිසා.........


ඔන්න ඔය වගේ අන්දොස් චරිත අතරෙ තමයි ඒ කාලෙ ගෙවිලා ගියේ...........තවත් ලියන්න ඕන තරම් වටින චරිත තියෙනවා.............පහුගිය දවස් ටිකේ යාලුවෙකුට පොඩි කරදරයක් වෙලා ඌට උදව්වට නිදි මරා ගෙන එහෙ මෙහෙ දිව්වා...වැඩිපුරම හිටියෙ පොලිසියෙ........මේ රටේ නීති තද නිසා හරිම අමාරුයි.................

කට්ටිය බලන් ඉන්න නිසාම  සහ රසිකාවියකගෙ බලවත් ඉල්ලීම නිසා තමයි මේ ටික හරි ලියල දැම්මෙ............

අනේ ඉතින් සමාව භජනය කරපල්ල හොඳේ.....................









6 comments:

  1. අතීතය නම් සුන්දරයි තමයි බං. මතක් කර කර හිනා වෙන්න පුලුවන්.

    ඉස්කෝලෙදි මොන මරි වැඩේ කලත් ගුටි කාල නම් නෑ.
    ඒ ලෙවල් කාලෙ නම් මට විරුද්දව නඩු දැම්මෙ එකම එක ගුරුතුමියක් විතරයි. ඒත් එයාට වැඩි යමක් කරගන්න බැරි උනේ මගෙ නම මතක නැති නිසා..

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහල බන්.....දැන් මතක් කරද්දි ඒ කාලෙ කරන්න බැරි වුනු දේවල් අම්බානෙකට තියෙනවා...............ආයෙත් යන්න ඇත්නම් අම්මපා යනවා..........

      Delete
  2. කොච්චර වුණත් ස්කෝලේ තමන්ට දවසක් හරි උගන්වපු ගුරුවරු ගැන නේද මේ ලියන්නේ කියලා හිතලා ලියනවා නම් හොඳ නැද්ද?ඒ කාලේ කොළුකමට මිස්ලා සර්ලාට නම් පට බැන්දාට,අද වැඩිහිටියෙක් විධියටත් එයාලා ගැන හිතන්නේ ඒ විධියටමද?රටට ලෝකයට කොයිතරම් කිවුවත් වැඩක් නෑ ස්කෝලේ නිසයි මම අද මෙතැන ඉන්නේ කියලා. ඒ ගෞරවය හැම දෙයින්ම පෙන්නන්න.එතකොටයි උගන්වපු ගුරුවරුන්ටත් සතුටක් දැනෙන්නේ. හදිසියේවත් ඔය ගුරුවරයෙක් මේක කියෙවුවොත් එයාලාට දැනෙන හැඟීම ගැන චුට්ටක් හිතන්න.

    අනේ මම මෙහෙම උන්ට නේද ඉගැන්නුවේ කියලා කලකිරෙන අවස්ථාවක් එයාලට දෙන්න එපා.

    ReplyDelete
    Replies
    1. අම්මෝ බට්ටිගෙ සැර........සමාවෙන්න කතාවෙ රසය අඩු වෙයි කියලයි ඒ විදියට ලිව්වෙ.......නැතුව අගෞරව කරන්න නෙමේ........මෙතන සඳහන් කරපු එක ගුරුතුමෙක්වත් මේක කියවන්නෙ නෑ කියල ශුවර්....
      ඉස්කෝලෙ හිටපු හැම ගුරු පියෙකුටම, හැම ගුරු මවකටම ඉස්කෝලෙ ගිය කාලයට වඩා ගෞරවයක් භක්තියක් තාමත් හිතේ තියෙනවා...ඒක නම් අඩු වෙන්නෙ නෑ..............
      ඒ හැමෝටම මාව මතක මගේ කෙරුවාව නිස තමයි......හැබැයි අදටත් ඒ මිනිස්සු මාව මුණගැහුනම ඇස් දෙකේ සතුටු කඳුලු තියාගෙන කතා බහ කරන්නෙ හරිම සතුටකින්...

      Delete
  3. අදයි ගොඩවැදුනේ මුලින්ම එන්නං දිගටම.
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නව .....

      Delete